වෙබ් අඩවිය ගැන

සමාජයක පුද්ගලයින් යහපත් හැසිරීම් පමණක් නොව අයහපත් හැසිරීම් ද දක්වයි නම් ඔවුන්ව ඔවුන් විසින් කරන යහපත් ක්‍රියාවන්හි නොකඩවා යෙදවීමටත්, නොකරන යහපත් ක්‍රියාවන්හි යෙදවීමටත්, කරන අයහපත් ක්‍රියාවන්ගෙන් මිදවීමටත්, නොකරන අයහපත් ක්‍රියාවන්ට යොමුවීම වැළැක්වීමටත් ක්‍රියා පිළිවෙත් සමාජය තුළ පැවතීම එම සමාජයට හිතකර වේ. ඒ සඳහා මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන දර්ශනවාදයක් සහ අවශ්‍ය විටෙක භාවිතා කළ යුතු දණ්ඩනයෙන් හික්මවීම ද ඇතුලත් සම්මත කරගන්නා ලද නීති රීති පද්ධතියක පැවැත්ම උවමනා වේ. මේ ද්විත්වය නැති පිරිහුණු පුද්ගලයින් ද ඇති සමාජයක් වඩ වඩාත් පරිහාණිය කැමති විය යුතුයි.

කවරක් මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන දර්ශනවාදයක් වේ ද? එහිදී බුද්ධධර්මය අන් දර්ශනවාදයන් ඉක්මවා ඉහළින් සිටියි. ඒ නිසා යම් සමාජයක් සම්මා සම්බුද්ධ ශාසනය රැක ගන්නේ නම් එය ඒ සමාජයේ අභිවෘද්ධියට හේතුවකි. කවරක් යහපත් ද, කවරක් අයහපත් ද යැයි නිවැරදිව තෝරාබේරා වෙන් කරගැනීමට උවත් බුද්ධධර්මය තරම් උපකාරී වන වෙනත් ධර්මයක් නැත. පුද්ගලයින්ගේ ක්‍රියාවන් යහපත් සහ අයහපත් ලෙස බෙදීම හුදු සාපේක්ෂක චිත්තනයක් ද, නැතහොත් සැබෑවටම එවැනි බෙදීමක් කළ හැකි ද යන්නට උවත් බුද්ධධර්මයෙන්ම මනා පිළිතුරක් ලැබේ.

අන්තර්ජාලය සහ එහි සමාජ මාධ්‍ය ජාල භාවිතා කොට බුද්ධධර්මය විකෘති කොට ප්‍රචාරය කිරීම වර්තමානයේ බහුලව සිදුවේ. YouTube යනු එවන් මාධ්‍ය ජාලයකට එක් උදාහරණයකි. බුදු දහමට කෙරෙන විකෘතිය වළක්වාලීමට කටයුතු කරන ලෙස ඉල්ලා YouTube වෙබ් අඩවිය කරගෙන යන අයට අපි දැන්වූවෙමු. ඔවුන් ඒ සඳහා උනන්දුවක් නොදක්වන ලදී. පිටරට ව්‍යාපාරයක කටයුතු කරන ඔවුන් ලවා අප කැමති දේ බලෙන් කරවා ගැනීමට අපිට බැරිය. නමුත් කළ හැක්කේ අපට හැකි සීමාවේ සිට බුද්ධධර්මය විකෘති කොට ප්‍රචාරය කිරීම වැළැක්වීමට කටයුතු කිරීමයි. YouTube අයිතිකාර Google යනු වෙළඳ සමාගමකි. ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම ඔවුන්ගේ වගකීමක් මිස අන් අය විසින් මුදලුත් ශ්‍රමයත් වැය කරමින් එය සුද්ධ කර දෙනු ඇතැයි ඔවුන් විසින් බලාපොරොත්තු නොවිය යුතුය. එබැවින් සමාජයට අහිතකර දෑ YouTube හි සිදු වේ නම් සහ එම අහිතකර දෑ වැළැක්වීමට අඩු තරමින් ඒ පිළිබඳව දැන්වූ පසුව වත් ඔවුන් කටයුතු නොකරයි නම් කළ යුත්තේ ඊට අදාළ නියාමන ආයතනය ස්වකීය වගකීම ඉටු කිරීමයි. එබැවින් දෙවනුව ඒ පිළිබඳව ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළෙමු. එහි කටයුතු කරන තුච්ඡ පිරිස විසින් එය තමාට අදාළ නොවන දෙයක් යැයි ලැජ්ජා නැතිව දන්වන ලදී. කොමිෂන් සභාවේ සභාපති වූ රටේ ආරක්ෂක ලේකම්වරයාව ද වෙනමම දැනුවත් කරන ලදී. ලැබුණු ආරක්ෂාවක් නැත. නිලතල දරන මේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින් රටවැසියාගේ බදු මුදලින් බඩ වියත රැකගත්තත් රටවැසියාගේ යහපතට, අභිවෘද්ධියට, ආරක්ෂාවට හේතු වන ස්වකීය විෂය පථයට අයත් වන කටයුත්තක නියැලීමට මැලි වෙති.

මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන දර්ශනවාදයක් නැති විට කුමක් සිදුවේද? ඊට එක් උදාහරණයක් ලෙස දෙදහස් දහ නවය වසරේ අප්‍රේල් මස විසි එක් වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය දැක්විය හැක. එහිදි නොමනා දෘෂ්ටිගත වූ පිරිසක් විසින් තමන්ව ද අන් බොහෝ පිරිසක්ව ද ව්‍යසනයට පත් කරන ලදී. එය වළක්වා ගැනීමට නොහැකිවීමට වගකිව යුත්තේ කවුරුන් දැයි සොයමින් දෙදහස් විස්ස වසරේ අවසානයට ආසන්න මෙකල ද ඒ පිළිබඳ සමහරුන් විසින් විමර්ශන කෙරේ. පාස්කු ප්‍රහාරය කළ පිරිස නොමනා දෘෂ්ටිගතවීමකට පත්වීම ඔවුන් විසින් එම ව්‍යසනය සිදුකිරීමට මූලික හේතුවකි. කවරකට නම් එබඳු දෘෂ්ටිගතවීම් වැළැක්විය හැකිද? එහිදී මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන දර්ශනවාදයක අවශ්‍යතාවය ඇති වේ. ඊට බුද්ධධර්මයට වඩා ඔබින වෙනත් දර්ශනවාදයක් නොමැත. විදුලි සංදේශ නියාමනය කිරීමට පිහිටුවා ඇති ආයතනය විදුලි සංදේශ නියාමනය කිරීමට මැලි වීම නිසා බුද්ධධර්මය විකෘති කොට ප්‍රචාරණය වීම නොවැළැක්වීමෙන් මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන බුද්ධධර්මය සමාජයෙන් අතුරුදන් වේ. ඒ හේතුවෙන් නොමඟ යන පිරිස් පාස්කු ප්‍රහාරය බඳු ක්‍රියාවන්හි නියුතු වේ නම් කවරෙක් ඊට වගකිව යුතුද? විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මෙකල සිටිනා ආකාරයේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින් ඊට වගකිව යුතු යැයි අපි මෙසේ විස්තරාත්මකව සත්‍ය වචනයෙන් අවධාරනය කරන්නෙමු. ඒ කළ හැකිව පවතින කළ යුතු නියාමනය නොකිරීම හේතුවෙනි.

මෙම වෙබ් අඩවියෙන් සමාජය පරිහාණිය වෙත යොමු කෙරෙන තවත් අයහපත් කටයුත්තක් පිළිබඳ අවධාරණය කෙරේ. ඒ ගැන ද YouTube වෙබ් අඩවිය කරගෙන යන අයට දැන්වූවත් ඊට ද යහපත් ප්‍රතිචාර නොලැබුණි. තමාට අදාළ නොවන දෙයක් යැයි පෙර පැවසූ බැවින් ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින්ගෙන් මේ ගැන කටයුතු කරන්නැයි ඉල්ලා සිටීම බොළඳ ක්‍රියාවක් බව පෙනේ. රටේ අනාරක්ෂක ලේකම්වරයාගෙන් මේ ගැන කටයුතු කරන්න යැයි ඉල්ලා සිටීම ද හිස් ක්‍රියාවක් බව පෙනේ. මෙසේ ඇති විට අපි කාට කියමුද? රටේ හැමෝම නොව නුවණැති රටවැසියන් දැනුවත් වේවා, ඔවුන්ට යෙදිය හැකි පිළියම් වෙත් නම් එම පිළියම් යොදත්වා යැයි අපි මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යමු.

මෙම වෙබ් අඩවියෙන් අවධාරණය කෙරෙන සමාජ පරිහාණියට කවරෙක් වගකිව යුතුද? ඊට වගකිව යුතු එක් පාර්ශවයක් ලෙස ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අපි ඇඟිල්ල දික් කරන්නෙමු. දෙකරුණකින් අපි ඊට ඔවුන්ට චෝදනා කරන්නෙමු. එක් කරුණක් නම් ඔවුන්ගේ නොකිරියාවෙන් මිනිසුන්ව නිවැරදි දෘෂ්ටියට පමුණුවන බුද්ධධර්මය සමාජයෙන් අතුරුදන් වීම නිසා මෙවන් විෂමාචාර ක්‍රියාවන්හි යෙදීමට මිනිසුන් වැඩි වැඩියෙන් යොමු වීමයි. දෙවන කරුණ නම් තමන්ගේ විෂය පථයට අයත් උවත් එසේ නොවේ යැයි ලැජ්ජා නැතිව පවසා මෙවන් ක්‍රියාවන් YouTube වැනි වෙබ් අඩවිවල සිදුවීම යටපත් කිරීමට කටයුතු නොකිරීමයි. සමාජ ව්‍යසනය හමුවේ මුනිවත රකින මහජනතාවගේ මුදලින් නඩත්තු වන ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලැජ්ජා නැති තුච්ඡ පුද්ගලයින්ට නින්දා වේවා!

මෙම වෙබ් අඩවියේ දැක්වෙනුයේ අප විසින් YouTube වෙබ් අඩවියට උඩුගත කළ වීඩියෝ නොවේ. තවද YouTube වෙබ් අඩවියේ දැක්වෙන වීඩියෝ සහ රූප ඔවුන් විසින්ම මෙම වෙබ් අඩවියට පිවිසෙන අයට දක්වන අයුරින් මෙම වෙබ් අඩවියේ පිටු තුළට ඔබ්බවා ඇත. එබැවින් අදාළ වීඩියෝ සහ රූප ඒවායේ මූලය වන YouTube වෙබ් අඩවියේ නොදැක්වේ නම් මෙම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට ද ඒවා නොපෙනේ.

නුවණැත්තෝ අන් සුදුසු පුද්ගලයින්ව ද මෙම වෙබ් අඩවිය ගැන දැනුවත් කරත්වා!

සබැඳිය:

  • YouTube වෙබ් අඩවියටත් අන් සමහර පුද්ගලයින්ටත් ලියන ලද ලිපි සමහරක්: help.endchannel.com/resources/letters