පොලිස්පති තුමා

Submitted by admin on

Subject: Fwd: රටේ පිරිහීම - අන්තර්ජාලයේ නොමනා භාවිතය
To: igp@police.lk
From: "utube.cyou" <info@utube.cyou>
Date: Sun, 1 Nov 2020 13:54:12 +0530

පොලිස්පති තුමා,
ශ්‍රී ලංකා පොලිසිය

පහත දැක්වෙන ඊ-මේල් පණිවිඩය මවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමා වෙත යොමු කරන ලදී. ඔබතුමාද සිදුවන ව්‍යසනය පිළිබඳ දැනුවත් වී සුදුසු පියවර ගන්නා මෙන් ඉල්ලමි.

කමල් වික්‍රමනායක

-------- Forwarded Message --------
Subject:     රටේ පිරිහීම - අන්තර්ජාලයේ නොමනා භාවිතය
Date:     Sun, 1 Nov 2020 13:47:18 +0530
From:     utube.cyou <info@utube.cyou>
To:     dir.cid@police.lk

අධ්‍යක්ෂක තුමා,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

YouTube වෙබ් අඩවිය නිසා බුදු දහම තුරන්ව යෑමේ තර්ජනයක් ඇතිව ඇත. තව ද YouTube වෙබ් අඩවිය හරහා සමාජ අසම්මත අසභ්‍ය දෑ ප්‍රචාරය වේ. අධිකරණ ක්‍රියා මාර්ගයක් හෝ ගෙන YouTube වෙබ් අඩවිය ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලිමි.

පහත සබැඳියෙන් දැක්වෙන වෙබ් පිටුවේ සඳහන් දෑ කියවා බලන මෙන් ඉල්ලමි. සිදුවන සමාජ ව්‍යසනය පිළිබඳ සුදුසු අයව දැනුවත් කිරීම සඳහා YouTube වෙබ අඩවියේ ප්‍රචාරය වන අසභ්‍ය දෑ මෙම නව වෙබ් අඩවියේ උපුටා දැක්වේ.

http://www.utube.cyou/about

යම් වැඩි විස්තර උවමනා වේ නම් ඒ බව දන්වා සිටිනු මැනවි.

කමල් වික්‍රමනායක